IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත්කුඩු - මත්පෙති අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව බංගදෙනිය ප‍්‍රදේශයේ ත‍්‍රීරෝද රථයකින් හෙරොයින් සහ මත්පෙති අලවි කළ පුද්ගලයින් තිදෙනෙකු අද (01) සවස අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බංගදෙනියල මානවේරිය සහ කුමාරකට්ටුව ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 සහ 21 වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙක් බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 4යි මිලීග‍්‍රෑම් 640ක් සහ මත්පෙති 4 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.  

මුදලින් රුපියල් 10,700ක් ද තිබී සොයාගෙන ඇත.

ප‍්‍රධාන සැකකරු පදිංචි බංගදෙනිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදි එහි තිබි ජංගම දුරකථන 9 ක් සහ හැදුනුම්පත් 03 ක් සොයාගන ඇත.

සැකකරුවන් හෙට (02)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

මත්කුඩු - මත්පෙති අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site