IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මත්කුඩු ජාවාරමේ නිරත වූ කොස්තාපල් පොලිස් දැලේ

(පුෂ්පකුමාර මල්වාරච්චි සහ ආනන්ද ජයකොඩි)

පොලිස් නිල ලාංජනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී නිල හැඳුනුම්පත පෙන්වමින්  ඇඳිරි නීතිය පැවති කාලය පුරාම මීරිගම පල්ලෙවෙල හා වේයන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදුනු  පොලිස් කොස්තාපල්වරයෙකු අද (18) මත්කුඩු පැකට් සමඟ අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල කාක්කැලේ වත්ත මිහිදුපුර  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මිරිහාන පොලිසියට 

අනුයුක්තව සේවය කර ඇති බවත් ඔහු  කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ට මත්කුඩු සැපයීමේ නිරතව සිටි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.

මෙසේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව ඇතැයි කියන පොලිස් කොස්තාපල් වරයා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය පුරාවටම සේවයට වාර්තා කර නැතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත .

ඔහු පොලිස් නිල ලාංජනය සහිත ඇඳුමින් සැරසී හැඳුනුම්පත ද උපයෝගී කර ගනිමින් කොළඹ හා පෑලියගොඩ ප්‍රදේශවලින් ලබා ගන්නා මත් කුඩු බෙදාහැරීමේ නිරත ව ඇතැයි ද මේ පිළිබඳව ලත් තොරතුරු මත පල්ලෙවෙල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා ඊයේ (17) වේරගොඩ කනත්ත අසල දී සිදු කළ වැටලීමකදී සැකකාර කොස්තාපල්වරයා හෙරොයින් මිලිග්‍රෑම් 580 ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මහාධිකරණය හමුවේ කුඩු ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

 

 

 



අදහස් (0)

මත්කුඩු ජාවාරමේ නිරත වූ කොස්තාපල් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site