IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මත්කුඩු කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

 

 
(ශාන්ත චන්ද්‍රසිරි)
 
නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශයන්ට හෙරොයින් මත්කුඩු අලෙවි කරන ලද මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු පොලිසිය සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී  අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පැවසීය.
 
රුපියල් ලක්ෂ හයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 15 යි  මිලි ග්‍රෑම් 730 ක හෙරොයින් මත්කුඩු ප්‍රමාණයක්, මුදලින් රුපියල් 113000 ක්, ජංගම දුරකතන පහක්, ජංගම දුරකතන සිමිපත් 12 ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
නුවරඑළිය පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත නුවරඑළියේ, හාවාඑළිය ප්‍රදේශයේ සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදි ඔහු සන්තකයේ තිබී විකිණීමට සකස් කරන ලද මත් කුඩු පැකට් කීපයක් අසුව ඇති අතර පසුව පොලිසිය නිල සුනඛයෙකුගේද සහාය ඇතිව එම සැකකරු පදිංචිව සිටි  නිවස පරික්ෂා කිරීමේදි  මත් කුඩු තොගය සමඟ මුදල් හා අනෙකුත් උපකරණ සොයා ගෙන තිබේ.
 
25 හැවිරිදි වියේ පසු වු අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයා කලක  පටන් නුවරඑළිය හා ඒ අවට ප්‍රදේශයන්ට මෙසේ මත් කුඩු අලෙවි කිරීමේ යෙදී සිටි පුද්ගලයෙකු බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

මත්කුඩු කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site