IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මඩකලපුවේ උන්නිච්චි ජලාශය මුළුමණින්ම සිඳී යයි

(ටී. එල්. ජවුෆර්කාන්)

මඩකලපුවේ උන්නිච්චි  ජලාශය දැඩි නියගයෙන්  සිඳයාම හේතුවෙන්  මඩකලපුව දිසාවේ ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇති බවත්, ජලාශයේ ධීවර කටයුතුවල යෙදී සිටින පවුල් 250 කට වැඩි ප්‍රමාණයක්  පීඩාවට පත්ව ඇති බවත් ධීවරයෝ පවසති.

ශ්‍රී ලංකාවේ විශාලතම වැව්වලින් එකක්වන උන්නිච්චි වැව 1907 වසරේ ජලාශයක් ලෙස ඉදිකරන ලදී. පසුව  2019 වසරේදී  එය ප්‍රතිසංස්කරණය කරන ලදී. අඩි 33ක  ජල ධාරිතාව ඇති උන්නිච්ච්ච  ජලාශයේ  ජල  මට්ටම අඩුවෙන් පවතින අතර  ජලාශයේ මැද  කොටසේ ජලය රැඳී  ඇත.

අනෙකුත් ප්‍රදේශවලට ජලය බෙදාහැරියද තමන්ගේ ප්‍රදේශයට ජල බෙදාදීමට  මෙතෙක් බලධාරීන්  ක්‍රියා නොකළ බවද,   නියගය හේතුවෙන් මඩකලපුව දිසාවේ  7000කට වැඩි ගොවිතැන් ප්‍රමාණයක් විනාශවී ඇති බවද, ගොවීන් 3,000දෙනෙකු හා උස් බිම් වගාකරුවන් 229 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් මඩකලපුව දිසා මහා  ලේකම් උදයකුමාර් මහතා පවසයි.

වර්තමානයේ උන්නිච්චි ජලාශයේ සීමිත  ප්‍රමාණයක ජලබෙදාහරින බවත් තවත් මාස   කීපයක් ජලය බෙදාදීමට  හැකි බවත් , වැසි නොලැබූණහොත්  මුලුමනින්ම ජලය බෙදාහැරීම  නතර කිරීමට සිදුවන බවත් මඩකලපුව දිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්. එම්. බී. එම්. අශාර් මහතා පවසයි. 

පසුගිය කාලවල  නිසි  ජල කළමනාකරණයක්  නොකිරීම නිසා  මෙවැනි තත්වයක් උදාවූ බව ජනතාව පවසති.  


           



අදහස් (0)

මඩකලපුවේ උන්නිච්චි ජලාශය මුළුමණින්ම සිඳී යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 263 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site