( නිශාන්ත කුමාර)
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අය අයවැය අද (21) වැඩි ඡන්දයෙන් සම්මත විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාලනය වන මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ වාර්ෂික අයවැය ලේඛනය එහි සභාපති ලලිත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේය.
ලේඛනයට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පස් දෙනෙකු ,එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සිව්දෙනෙකු , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තිදෙනා ජන්දය ප්‍රකාශ කළ අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී ආර්.එම්.නාමල් රත්නායක මහතා පමණක් විරුද්ධව ජන්දය ප්‍රකාශ කලේය.
මීට අමතරව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ මන්ත්‍රීවරුන් වන රංගන මධුමාල් සමරකෝන් , ඩී එම් ශ්‍රියාණි දිසානායක, නිෂාදි ශිරන්තිකා විජේසුන්දර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඩී එම් චමින්ද ප්‍රදීප් යන මහත්ම මහත්මීහු ජන්දය දීමෙන් වැළකී සිටියහ.
මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සමග සමස්ථ මන්ත්‍රී සංඛ්‍යාව 17 ක් වන අතර එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අටක්, එක්සත් ජාතික පක්ෂයේ පහක් , එක්සත් ජනතා නිදහස් සංධානයේ තුනක් ක් හා ජනතා විමුක්ති පෙරමුණේ එකක් වශයෙනි.
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මීගහකිවුල අයවැයත් සම්මතයි