(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල නගරයේ වැසි ජලය ඉක්මණින් බැසයාමට ඉදිකරන ලද මාගාල්ල පොම්පාගාරය අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.එම ස්ථානයේ කසළ පිරී අපවිත්‍ර වී ඇත.
බ්‍රිතාන්‍ය යුගයේ දී ඉදිකරන ලද මෝඩ් ඇලේ ජලය වැසි අවස්ථාවක දී මොරගොඩ ඇළට කඩිනමින් එක් කිරීම සඳහා මේ පොම්පාගාරය ගාල්ල මහා නගර සභාව විසින් ඉදිකර ඇත්තේ 1988 වර්ෂයේ දී ය.
වරින් වර ප්‍රතිසංස්කරණය කරන ලද මේ පොම්පාගාරය අක්‍රිය වී ඇති හෙයින් තද වැසි අවස්ථාවක දී ජලය ඉවත්කළ නොහැකි වීම හේතුවෙන් නගරයේ කාණු උතුරාගොස් මාර්ග යටවීම නිරන්තරව ම සිදුවෙයි.
2004 වර්ෂයේ සුනාමියෙන් පසු ඇමෙරිකානු එක්සත් ජනපද ආධාර යටතේ මේ පොම්පාගාරය යළි පිළිසකර කර 2007 වර්ෂයේ දී විවෘත කෙරිණි. එසේ වුව ද දැන් එය ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක නැත. පොම්පාගාරයේ ඇතැම් කොටස් එම ස්ථානයෙන් ඉවත්කර ඇති බව ද බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ එම පොම්පාගාරය මේ වන විට අක්‍රීය තත්ත්වයේ ඇති බවයි.
“මොරගොඩ ඇළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දැනට ආරම්භ වී තියෙනවා, මෝඩ් ඇලත් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරනවා. මේ යටතේ ගාල්ල නගරයේ ගංවතුර වැළැක්වීමේ නව සැලසුම් ක්‍රියාත්මක වෙන නිසා මේ පොම්පාගාරය අලුත්වැඩියා කිරීම සඳහා මුදල් වෙන් කළේ නැහැ.“යැයි ඒ මහතා පැවසීය.




2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාගාල්ල පොම්පාගාරයේ වැඩ නවතී