අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ
කොන්දොස්තරවරයකුට පහරදුන් බව කියන මගියෙක් අත්අඩංගුවට නොගත්තේ යැයි කියමින් බළන්ගොඩ සිට රත්නපුර දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ අද (14) දහවල් 12.00න් පසු ධාවනයෙන් ඉවත්ව ඇති බව මගීහූ කියති.
පහරකෑමට ලක්වූ බව කියන කොන්දොස්තරවරයා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රත්නපුර මහ රෝහලට මාරුකර යැවු බව බළන්ගොඩ මුලික රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
පහරදීම සිදුව ඇත්තේ අද (14) පෙරවරු 11.00ට පමණ බළන්ගොඩ පොදු බස් නැවතුම්පොළේ සිදුකර තිබේ.
සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ප‍්‍රියන්ත බටවල මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ බස් හිමියන් බස් ධාවනයට කැමතිවුවත් රියදුරන් සහ කොන්දොස්තරවරු අකමැති නිසා ධාවන කටයුතු ඇණහිට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බසය පෞද්ගලික බසයක්. ඒවායේ කොන්දොස්තරලා වැඩ කරන්නේ කිසිම විනයක් හා චාරයක් නැතිව. විධිමත් පරීක්ෂණයක් කරන්න. මගියෙක් හේතුවක් නැතිව කොන්දොස්තරට පහර දෙන්නේ නැහැ අඩුම තරමේ මේ බසයේ ප්‍රවේශපත්‍ර නිකුත්කර තිබුනාදවත් බලන්න