(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර නගරය ආසන්නයේ නිවසක් ඉදිරිපිට මීට වසර දෙකකට පමණ ඉහතදී අලුත උපන් බිළිඳකු දමාගිය රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඇගේ මව පානදුර වඳුරාමුල්ල නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
කලුපැහැති ඉටිබෑගයක දමා බිළිඳා දමාගොස් තිබුණේ 2017 මාර්තු 09 වැනිදිනය.
නිවැසියන් විසින් පොලිසියට ඒ බව දැන්වීමෙන් පසු ස්ථානාධිපතිවරයා එම බිළිඳාව පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළු කළ අතර මාස කිහිපයක් පුරා එම රෝහලේ හෙදියෝ බිළිඳාව රැකබලගත්හ.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් බිළිඳාව ළමා නිවාසයකට යොමුකිරීමටත්, දරුවා දමාගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමටත් නියෝග කෙරිණි.
පානදුර දකුණ පොලිසිය වසර දෙකක් පුරා ඔත්තුකරුවන් යොදා කළ විමර්ශන අනුවත් වෙළඳසැලක තිබූ සීසී ටීවී කැමාරවක දත්ත ඔස්සේ කළ පරීක්ෂණ අනුවත් සැකකාර කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පානදුර පොලිසිය කියයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.