IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි

(සිරංගිකා ‌ලොකුකරවිට) 
 
බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (20)  පැවැති මාසික සභා රැස්වීම අවස්ථාවේ දී ජල බවුසර්  සම්බන්ධ මතු වූ ගැටළුවක්  හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සභා රැස්වීම හදිසියේ ම ඉදිරි සැප්තැම්බර් 17 වැනි දිනය දක්වා කල් තැබිණි.
 
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් ජල බවුසරයක් ලබා ගැනීම සඳහා ලිඛිතව හෝ දුරකථනයෙන් හෝ ඉල්ලීමක් කළ විට දින 07ක කාලයක දී මුදල් ගෙවීමේ සහන කාලයකට යටත්ව ජල බවුසරය ලබාදීම සුදුසු යැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත කේ.බටුවන්තුඩාව මහතාගේ යෝජනාවක් ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම තත්ත්වය පැන නැගිණි.
 
එහි දී සභාපති දිල්රුක් අබේකෝන් මහතා කියා සිටියේ ජල බවුසර් ණයට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නොහැකි බවයි.
 
මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුගත් කලංසූරිය මහතා පසුගිය ඇසළ පොහෝ දිනයේ ගිංතොට ගම්වාසීන් විසින් පැවැත්වූ දේව දානයකට බවුසරයක් ලිඛිතව ඉල්ලා සිටිය දී එම බවුසර ලබා නොදී වෙනත් තැන් දෙකකට ජල  බවුසර ලබා දී ඇති බවයි. එම බවුසර ලබාදුන්නේ ලිඛිත ඉල්ලීමකටනම් එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ද මන්ත්‍රීවරයා විසින් දැනුම් දෙන ලදී.
 
 
සභාපති දිල්රුක් අබේකෝන් මහතා මේ අවස්ථාවේ දී පවසා සිටියේ දැන් එවැනි ලිඛිත සටහන් සභාවට ඉදිරිපත් කළ නොහැකි බවයි.
 
''දැන් මේ ලිපිගොනු සභාවට ගේන්න බැහැ. ඒවා ලබන සභා රැස්වීමට ඉදිරිපත් කරන්නම්. ලිඛිතව ඉල්ලන්න. එතකොට මම ඉදිරිපත් කරන්නම්."
 
මේ අවස්ථාවේ දී සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක් මේ අවස්ථාවේ දී එම ලිපි සභාවට ඉදිරිපත් කරන්න යැයි ඉල්ලා සිටිය ද  සභාපතිවරයා සභාව කල් තැබීමට කටයුතු කළේය.
 
සභාව කල්තබන අවස්ථාව වනවිට න්‍යායපත්‍රයට ඇතුලත්ව තිබූ මන්ත්‍රී යෝජනාවලින් සාකච්ඡාවට ගෙන අවසන්ව තිබුණේ අටක් පමණි. කාරක සභා වාර්තා තුනක්  සහ ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශ එකතු කළ ආදායම් පිළිබද ප්‍රගති වාර්තා ද සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

බහින්බස්වීමකින් බොපේ පොද්දල ප්‍රා සබේ රැස්වීම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 160 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site