සුමතිපාල දීයගහගේ, ජේ.කේ.එල්.චාමින්ද,ප්‍රේමතිලක ද සිල්වා
අහංගම කබලානේදී අද (4) අලුයම වෑන් රථයක් පෞද්ගලික බස් රථයක හැපීමෙන් වෑන් රථයේ රියදුරු මිය ගොස් එහි ගමන් කළ විදේශික කාන්තාවක් බරපතල තුවාල ලබා ඇතැයි අහංගම පොලිසිය පවසයි.
කටුනායක ගුවන් තොටුපොලේ සිට විදේශික යුවළක් රැගත් මෙම වෑන් රථය වැලිගම බලා ගමන් කරමින් තිබියදී අගුණකොලපෑලැස්සේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු අර්ධ සුඛෝපභෝගී බස් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ විදේශීය කාන්තාව කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd