(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව හබරණ ප‍්‍රධාන මාර්ගයේ හබරණ දේවාලේ කඬේහංදියට නුදුරුව අද(14) අලුයම පෞද්ගලික බස්රථයක් සහ ලොරියක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
කතරගම වන්දනාවේ ගොස් ආපසු යමින් සිටි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් සහ සහල් තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරියක් මෙම අනතුරට ලක්ව ඇත.
ලොරිය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර බස් රථයද මාර්ගයෙන් ඉවතට ධාවනය වී ගසක හැපී තිබේ.
තුවාලකරුවෝ ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd