(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශය ආසන්නයේදී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් රියදුරකු මිය ගොස් 44දෙනෙකු තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
ඊයේ(23) රාත්‍රියේ මෙම රිය අනතුර සිදුව ඇත.
තුවාලකරුවන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් පැවති ලංගම බස්රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ ලංගම බස් රථයේ රියදුරු වන කල්මුණේ පදිංචි 52 හැවිරිදි එම්.එල්.එම්.සමීන් යන අයයි.
මින්නේරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd