
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10) සිදුවූ අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හලාවත පොලිසිය පැවසීය.
මෙසේ අනතුරට ලක්වී ඇත්තේ වව්නියාවේ සිට කොළඹ බලා ගමන් ගත් මගී බස් රථයක් හා කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් ගත් බස් රථයකි.
බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය කියයි.
අනතුරින් බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා හා කොන්දොස්තරවරයකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබුණි.
වව්නියා බස් රථයේ ගමන් ගත් මගින් තිදෙනෙකුද සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
කොළඹ සිට යාපනය දක්වා ගමන් ගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසු වව්නියා බස් රථයේ ගැටී ඇති බව හලාවත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු පැවසීය.
බස් රථ දෙක ගැටීමෙන් පසු එක් බස් රථයක් ගිනි ගැනීමකට ලක්වී ඇති බවත් කඩිනමින් ගින්න නිවා දැමීමට කටයුතු කළ බවත් පොලිසිය පැවසීය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.