IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බස් රථයක් යට සඟවා තිබූ ටී-56 උණ්ඩ 7ක් සොයාගනී

(එස්. ඩි .කොඩිකාර )

දෙනියාය සෙල්ලකන්ද මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක යට ගැටගසා තිබූ ටී-56 ගිනි අවියකට යොදන උණ්ඩ හතක්,ගංජා ග්‍රෑම් 740 ක් සමඟ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය සමඟ අද (05) කන්දිල්පාන මංසන්ධියේදී දෙනියාය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දෙනියාය සෙල්ලකන්ද මාර්ගයේ ධාවනය වන බස් රථයක ගංජා පාර්සලයක් රැගෙන යන බවට විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලද තොරතුරක් මත බස් රථය ලුහුබැඳ සැකකරුවන් සමඟ බස් රථය අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27 ත් 54 ත්  අතර වයසේ පසුවන තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගන්නා ලද ගංජා පාර්සලය බස් රථයේ අසුනක් යට තිබී සොයාගෙන ඇති අතර විශේෂ කාර්ය බලකා නිලධාරීන් බස්රථය වැඩිදුර සෝදිසි කිරීමේදී බස් රථයේ යට ගැටගසා තිබූ ටී-56 ගිනි අවියට යොදන ජීව උණ්ඩ 7 සොයාගත් බව වැටලීම සිදුකළ විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය.

 

 

 



අදහස් (0)

බස් රථයක් යට සඟවා තිබූ ටී-56 උණ්ඩ 7ක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site