(සනත් ගමගේ)
සූරියවැව තැලවිල්ල ප්‍රදේශයේදි අද (02) වන්දනාවකට ගිය මගීන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළීමෙන් මගීන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව සූරියවැව පොලිසිය කියයි.
සූරියවැව ප්‍රාදේශීය සභාවට අයත් කසළ බැහැරකිරීමේ ස්ථානයේදී බස්රථය පෙරැළී ගොස් ඇත.
තුවාල ලැබූ පිරිස හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - රොෂාන් දිලිප් කුමාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd