(ඩබ්ලිව්.ඒ. අසේල)
තලාතුඔය මහනුවර මාර්ගයේ කැටවල ප්‍රදේශයේදී අද (5) බස් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලැබූ මිත්තනිය සහ සුළු තුවාල ලැබූ මිණිබිරිය රෝහල් ගත කිරීමෙන් පසු මිත්තනිය මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කැටවල ලෙව්ල පදිංචිව සිටි වයස අවුරුදු 73 හැවිරිදි නන්දාවතී වික්‍රමසිංහ නැමති කාන්තාවකි.
මිණිබිරිය සමඟ නගරයේ සිට බස් රථයෙන් පැමිණ බැස නිවසට යාමට ගමන් කිරීමේදී දෙදෙනාම එම බස්රථයේ වැදී මිත්තනිය ඉදිරිපස රෝදයට යටවී ඇත.
බරපතල තුවාල ලැබූ මිත්තනිය තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇත.
වයස අවුරුදු හයක් වන මිණිබිරිය තවමත් තලාතුඔය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කරති.
පෞද්ගලික බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස් රථයකට යටවී 73 හැවිරිදි කාන්තාවක් මරුට