(දයාරත්න ඇඹෝගම)
ගල්කුලම නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි බස් නැවතුම්පල තුළ තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(04) සොයාගත් බව තිරප්පනේ පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 60 පමණ වන පුද්ගලයකු වන අතර මෙතෙක් ඔහුගේ භාරකරුවන් හඳුනා ගෙන නොමැත.
මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මෙම ස්ථානයේ රැඳී සිට ඇතැයි පවසන පොලිසිය ඔහු යාචකයෙකු බවට සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd