( ප්‍රසන්න පත්මසිරි)
බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී අද ( 20 ) උදෑසන බස් රථයක කුඩා ලොරියක් ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් ලොරි රියදුරු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි.
වැල්ලවාය සිට මොණරාගලට ධාවනය වු මගී පෞගලික බසයක සියඹලාණ්ඩුව සිට කෙළඹ බලා ධාවනය වු වන්දනා ගමනක් ගිය ලොරිය ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් කොළඹ මාලබේ පදිංචි ලොරි රියදුරු මියගොස් එහි ගමන්ගත් තවත් හත්දෙනෙකු තුවාල ලබා තිබේන බව පොලීසිය කියයි.
වන්දනාකරුවන් සියඹලාණ්ඩුව කැබිලිත්ත දේවාලයට ගොස් නැවත කොළඹට යන අතරතුර අනතුර සිදුව තිබේ.
බුත්තල පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබේ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.