(සුමතිපාල දීයගහගේ)
ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධයන කටයුතු අවසන් කළ තවත් 16 දෙනෙක් අද (10) පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.
රජයේ සෞඛ්‍ය උපදෙස් අනුව මෙම පිරිස පිටත්කර ඇති අතර නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ බවට ලබා දෙන සහතිකද නාවික හමුදාව විසින් මොවුන්ට ලබාදී ඇත.
බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ 446 දෙනෙක් මේවන විට පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 36 දෙනෙක් එම මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින බවද ඉසුරු සූරිය බණ්ඩාර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd