තරංග ගුණරත්න
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ හේන්වල මංසන්දියේදී අද (05) සිදුවූ රිය අනතුරකින් තරුණයකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වැලිගම පොලිසිය කියයි.
යතුරු පැදියක් සහ බස්රථයක් එකිනෙකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර යතුරු පැදිකරු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇතිබව වැලිගම පොලිසිය පැවසීය.
යතුරු පැදිය පිටුපස ගමන්ගත් 17 හැවිරිදි තරුණයා තුවාල ලබා මාතර මහ රෝහලේ ප්‍රථිකාර ලබන අතර මියගිය යතුරු පැදිකරු 19 හැවිරිදි තරුණයකි. අත්අඩංගුවට ගත් බස්රථ රියදුරු හෙට (06) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd