(දීපාල් ද සිල්වා)
බද්දෙගම ඇල්පිටිය මාර්ගයේ අගලිය, ඉනිමංකඩ පාලම ආසන්නයේ බස්රථයක් පල්ලමකට පෙරැළී යාමෙන් මගීන් 4 දෙනෙකු තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුළත් කළ බව බද්දේගම පොලිසිය කියයි.
බද්දෙගම සිට ඇල්පිටියට ගමන් කරමින් තිබු බස් රථය පෙරැළී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
අනතුරින් තුවාල ලැබු මගීන් දෙදෙනෙකු කරාපිටිය රෝහලට මාරුකර යැවූ බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd