(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප‍්‍රවාහන කරමින් තිබූ බස් රථයක් හබරාදුව හැඩිවත්තේදී අද(12) උදැසන මාර්ගයෙන් ඉවතට පැන පොල්ගසක වැදීමෙන් වූ අනතුරින් තුවාල ලබා සේවිකාවන් අටදෙනෙක් හබරාදුව කළුගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි.
මෙයින් බරපතල තත්වයේ පසුවු දෙදෙනෙක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.
පොලීසිය පවසන්නේ අනතුරට පත් බස් රථයේ රියැදුරුට අධික වේගය හේතුවෙන් බස් රථය පාලනය කර ගැනීමට නොහැකී වීමෙන් මෙම අනතුර සිදුවූ බව මූලික විමර්ශනයේදි අනාවරණය වූ බවයි.
බස් රථයේ රියැදුරු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බසය පෙරැළී ඇඟලුම් සේවිකාවන් 8 ක් රෝහලේ