(අනීෂා මානගේ)
තංගල්ල පොළොම්මාරුව ප්‍රදේශයේදී පෞද්ගලික බසයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම නිසා බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා ඇතුළු හය දෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළු කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට තංගල්ල බලා ධාවනය කරමින් තිබූ බස් රථයකි. බස් රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිවීම නිසා අධි බලැති විදුලි රැහැන් සවිකර තිබූ කණුවක් හා මාර්ගය අයිනේ තිබූ පොල් ගසක් ගලවාගෙන ඉවතට පැන පෙරැළී තිබේ.
අනතුර සිදුවන විට බස් රථයේ ගමන්කරමින් සිටි සියලුම දෙනා තුවාල ලබා ඇති අතර එහි හදිසි දොරටු විවෘත කර ඔවුන් බස් රථයෙන් ඉවතට ගෙන රෝහල්ගත කර තිබේ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.