(අසුන්තා එදිරිසුරිය)
“බස්නාහිරෙන් පස් පව් දුරලමු” යන මැයෙන් පුද්ගලයා තුළ ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කිරීමේ මුලාරම්භක ව්‍යාපෘතියක් අද (17) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රජා විශේෂඥ්‍ය වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ මුලිකත්වයෙන් ආරම්භ විය.
- සිහියෙන් රිය පදවා - අනතුරු - මරණ වළකිමි
- නිසි කසල ප්‍රතිපදාවෙන් - ඩෙංගු වළකිමි
- අනිසි කාමයෙන් වැලකි - ඒඩ්ස් රෝගයෙන් ගැලවෙමි
- මුව රැකගෙන - දියවැඩියාවෙන් අත්මිදෙමි සූරා, දුමිවැටි, මතින් මිදෙමි
යන්න එම ප්‍රතිපත්තිමය වෙනස වේ.
දිවයිනේ අනෙකුත් පළාත් වලට සාපේක්ෂව බස්නාහිර පළාතෙන් ඉහත තත්වයන් වාර්තා වීම ඉතා විශාල ලෙස වැඩිවීම එවැනි පියවරක් ගැනීමට මූලික හේතුවක් වී තිබේ.
පාසල, පන්සල, පල්ලිය යන ආගමික ස්ථාන සහ අධ්‍යාපනික ස්ථාන මුලික කරගෙන මෙම සංකල්පය ගම් මට්ටමින් බිම් මට්ටමින් සිට ආරම්භ කර පුද්ගලයා තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව බස්නාහිර සෞඛ්‍ය සේනා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කාලෝචිත ක්‍රියාදාමයක්.මගේ ආශීර්වාදය හා සම්පුර්ණ සහයෝගය.