
(ඩී.ජී.සුගතපාල)
අට හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් ද රුපියල් 25,000ක් දඩයක්ද එම දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද ගෙවීමට අද (25) නියම කළේය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිර දඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක් ද විත්තිකරුට නියම විය.
මෙසේ දඬුවම් නියම වුයේ උඩගෙයියලාගේ සරත් කුමාර නමැති 40 හැවිරිදි දෙදරු පියෙකුටය.
තෙලිකඩ පොලිස් වසමේ ගිණිමැල්ලගහදී 2006 අප්‍රියල් 8වැනි දින 8හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබිණි. විත්තිකරු දැරියගේ ඥාතිවරයෙකු බවත්, ඔහු දැරියගේ නිවස අසළ වැලි ගොඩ දැමීමට යන බවත්, නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම අපරාධය කර ඇති බවත් අනාවරණය විය. මව නිවසට පැමිණෙනවිට දියණිය ඇඳුම් මාරු කරනු දැක සොයා බැලීමේදි සිද්ධිය දැනගෙන එම අවස්ථාවේම පොලිසියට පැමිණිලි කර ඇත.
ඒ අනුව විත්තිකරුට එරෙහිව මෙලෙස සිර දඬුවම් නියම කෙරිණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.