IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


බෝලවත්තේ අනතුරකින් තවත් පාසල් සිසුවෙක් මරුට

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)           

ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ස බෝලවත්ත මාර්ගයේ මිරිස්සන්කොටුව ප්‍රදේශයේ සිදු වු යතුරුපැදි පාපැදි අනතුරකින් පාසැල් සිසුවෙක් මියගොස් හතරදෙනෙක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩම වෙරළ පාරේ තල්ගහවත්තේ පදිංචි එම් ඒ ෂේම් ලොහාන් 15 නැමති සිසුවෙකි.                                                          

ඊයේ රාත්‍රී 8 ට පමණ අමතර පන්තියකට සහභාගි වු මිතුරෙකු නිවසට ඇරලවීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග යතුරු පැදියේ බෝලවත්ත දෙසට ගමන් කිරිමේදි එම දෙසටම ඉදිරියෙන් ගිය පාපැදි 2 ක ගැටි ඇදියගිය යතුරුපැදිය පදවාගෙන ගිය සිසුවා මාර්ගය අසල තිබු බෝක්කු ගැට්ටක වැදි මෙම අනතුර සිදු වි ඇති බවට මූලික පරික්ෂණවලදි තහවුරු බව පොලිසිය කීය.                                                     

මියගිය සිසුවා නයිනමඩම ප්‍රදේශයේ ජාත්‍යන්තර විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකි.

යතුරුපැදියේ ගමන් ගත් තවත් සිසුන් දෙදෙනෙක් හා පාපැදිවල ගමන් ගත් 70 හා 49 හැවිරිදි දෙදෙනෙක්ද අනතුරින් තුවාල ලබා මාරවිල හා මීගමුව රෝහල්වල ප%තිකාර ගන්නා බව පොලිසිය කියයි.

පාපැදියේ ගමන්ගත් 70 හැවිරිදි අයගේ තත්වය තරමක් බරපතල බව රෝහාල් ආරංචි මාර්ග පවසයි.

යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතු වි ඇති බවත් අනතුරෙන් පසුව මීටර් 40 කම පමණ දුරක් ඇදිගොස් බෝක්කු ගැට්ටේ මියගිය සිසුවාගේ හිස ගැටි ඇති බවත් ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිටියත් අනතුරත් සමග එය ගැලවි ඇති බවට මූලික පරික්ෂණවලදි තොරතුරු හෙළි වු බවයි.                                                

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එල් බී අබේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රන්ජන රණතුංග මහතාගේ මෙහෙයවිමෙන් කොස්තාපල් 55530 රාජපක්ෂ යන අය විසින් වැඩි දුර පරික්ෂණ සිදුකරයි.                                                             



අදහස් (1)

බෝලවත්තේ අනතුරකින් තවත් පාසල් සිසුවෙක් මරුට

Aslam Saturday, 24 February 2018 07:44 AM

තවත් වටිනා ජිවිතයක්. වයස අවුරුදු 15 යතුරු පැදි භාවිතා කරන වයසක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 285 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 321 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1248 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site