(ක.ග.කරුණාරත්න)
බලපත‍්‍රයක් නොමැතිව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුලූවී එහි වඳුරුමුල්ල ප‍්‍රදේශයේ නීති විරෝධි ලෙස රැඳී සිටි පුද්ගලයින් 06 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 90,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද(06) නියෝග කළාය.
මෙසේ දඩ නියම වූයේ නවමැදගම, හෙනානිගල දකුණ පදිංචිකරුවන් වන තලාවරිගේ උඩමළුවේ පියතිස්ස,ඌරුවරිගේ රණසිංහ,ඌනාපානවරිගේ සුමිත් දිලංක රත්නායක, ඌරුවරිගේ සුනිල් ශාන්ත, රත්නායක මුදියන්සේලාගේ දිල්රුක්‍ෂ කරුණාරත්න සහ හේරත් මුදියන්සේලාගේ ක‍්‍රිෂාන්ත ලක්මාල් යන 06 දෙනාටය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කාර්යාලයේ වනජීවී අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd