( පැතුම් දර්ශන)
කහටගස්දිගිලිය දෙමටවැව කුඹුගොල්ලෑව හන්දිය ආසන්නයේදී බලපත්‍ර නොමැතිව තේක්ක ඉරූ කඳන් 150 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීහු සමත් වුහ.
පෞද්ගලික ඔත්තුකරුවෙකු ගෙන් ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමේදී තේක්ක ලී සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බව පවසන වන නිලධාරීන් අනෙක් සැකකරුවන් දෙදෙනා කහටගස්දිගිලිය සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියයි.
දෙමටවැව ප්‍රදේශයේ සිට මහනුවර දක්වා මෙම තේක්ක ලී ප්‍රවාහනය කර ඇති අතරවැටලීම සිදු වන අවස්ථාවේදී තවත් සැකකරුවෙකු පලා ගොස් ඇති බවත් ඔහු සොයා ඉදිරි පරීක්ෂණ සිදුකරන බවත් වැටලීමට එක් වූ නිලධාරීහු වැඩිදුරටත් පවසති.
මීට පෙරද අවස්ථා කිහිපයකදීත් මෙම සැකකරුවන් බලපත්‍ර නොමැති ඉඩම් වල තේක්ක කපා දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කර තිබූ බවට අවශ්‍ය ලියකියවිලි රැසක් ලොරි රථයේ තිබී සොයාගැනීමට හැකිවූ බවත් අත්අඩංගුට ගත් තේක්ක ලී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවත් වැටලීමට එක් වූ උසස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර කහටගස්දිගිලිය වන සංරක්ෂණ කාර්යාලයෙ වන අඩවි නිලධාරි චන්දිම කුමාර මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිලධාරී ලංකා විරිදු, එව්.ටි. ප්‍රියදර්ශන, වන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් වන, එව්.එල්. ජයසිංහ, ලයනල් හරිස්චන්ද්‍ර, දිනෙශ් කරුණාරත්න, චමින්ද බාලසූරිය, දිසානායක යන නිලධාරීහු වැටලීමට එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත් නොමැතිව තේක්ක ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට