සුමතිපාල දීයගහගේ
මෙරටට රැදී සිටිමට වීසා බලපත්‍ර නොමැති චීන ජාතිකයින් 14 දෙනෙකු ගාල්ල දඩල්ලේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත ගාල්ල දඩල්ලේ විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරිමේ වැඩබිමක් වටලා විසා නොමැති චීන ජාතිකයින් 14 දෙනා සමඟ පෙදරේරු උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම විදේශිකයින් පිරිස දඩල්ලේ ඉදිකරන ගොඩනැගිල්ලක අත්උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටි බවද හෙළි වී ඇත.
සංචාරකයින් ලෙස මෙරටට පැමිණ මොවුන් නීති විරෝධි ලෙස නතර වී ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.