(කේෂර ගුණතිලක)
බලපත්‍ර රහිතව නීති විරෝධීව ඇතිමලේ පොලිස් ස්ථානයට අයත් කැබ්රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක දැව තොගයක් අද (26) මොනරාගල හුලංන්දාව ප්‍රදේශයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොනරාගල අඩවි වන නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තේක්ක වර්ගයට අයත් උළුවහු හා ලෑලි තොගයකි.
විවිධ ප්‍රමාණයෙන් යුත් දැව කැබලි 39 ක්මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
දැව තොගය සමඟ එහි රියදුරු ලෙස කටයුතු කළ ඇතිමලේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක් ඇතිමලේ පොලිස් ස්ථානයට අයත් කැබ්රථය සමඟ වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවටගත් කැබ්රථය හා දැව තොගය සමඟ සැකකරුවන් දෙදෙනා මොනරාගල වැඩබලන මහේස්ත්‍රාත් සිසිර කේ.බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ශරීර ඇප මත මුදාහැරිය බව මොනරාගල පොලිසිය පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1104
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පොලිස් සැරයන්වරයෙක් - සිව්ල් ආරක්ෂක භටයෙක් අත්අඩංගුවට