(නිශාන්ත කුමාර)
බලපත්‍රයක් නොමැතිව සිය ගෙවත්තේ තිබූ තේක්ක ගසක් කපා ඉරමින් සිටි පුද්ගලයෙකු ඉරන ලද දැව තොගය සමඟ අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල අරාවපාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.
පොලිස් හදිසි ඇමැතුම් අංකය (119) වෙත ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (28) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
අහල තියෙන්නේ වත්තේ තියෙන තේක්ක කපන්න පුළුවන් ඉරන්න, ප්‍රවාහනයට බලපත්‍ර ඕන කියලා. දන්නා කවුරුහරි හරි දේ කියනවද
ගෙදර වත්තේ වවා ගත්තු ගහ කපාගන්න බැරිනම් මොක්කක්ද මේ නිතිය. එහෙනම් ගස් හිටවලා වැඩක් නැහැ . කැලේ කපන අය අල්ලන්න ඕන.
ෂා... හරිම සන්තෝෂයි.. ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ. අක්කර සිය දහස් ගණන් කපපු දේශපාලකයෝ සහ හෙන්චයියලා යහතින් ඉන්න රටේ තමන්ගේ වත්තේ තියන තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න ගහක් කපපු එකෙක් අල්ලලා. ඔන්න අද තියන ප්‍රවෘත්ති.
පරිසර ඇමතිලා වනාන්තර එලි කරනවා. නාවුල නකල්ස් රක්ෂිතයේ අක්කර සියගණනක් එළිකරනවා. දේශපාලන හෙන්චයියෝ ගං ඉවුරු කපලා වැලි ගොඩදානවා. ඒවා අල්ලන්න කෙනෙක් නැහැ. තමන්ගේ වත්තේ තේක්ක ගහ කපපු මිනිහා රිමාන්ඩ්. අපේ රටට වෙලා තියෙන දෙයක්.