IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බලපත්‍ර නැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)

බලපත්‍ර නොමැතිව ලොරි රථයකින් හිංසාකාරි ලෙස මී ගවයින් සහ එළ ගවයින් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ බව කියන දෙදෙනකු අද (21) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ තංගල්ල කඳවුරේ නිලධාරීහු පවසති.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරකැටිය යක්ගස්මුල්ල සහ වලස්මුල්ල ඉත්තදෙමලිය ප්‍රදේශවල පදිංචි 36 සහ 39 හැවිරිදි දෙදෙනකු බව නිලධාරීහු කියති.

වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ දී අද (21) අලුයම 2.45ට පමණ සැකකරුවන් සහ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති අතර ලොරි රථය තුළ පටවා සිටි බව කියන මී ගවයකු, මී දෙනුන් හතක්, එළගවයකු සහ එළදෙනුන් දෙදෙනකු ද නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.

මෙම ගවයින් වීරකැටියේ සිට ගාල්ලට ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබූ බව නිලධාරීහු කියති.

ගවයින් සොරකම් කර බලපත්‍ර නොමැතිව හිංසාකාරී ලෙස මෙලෙස ප්‍රවාහනය කිරීම දීර්ඝ කාලයක සිට සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවද නිලධාරීහු පවසති.

 

 



අදහස් (0)

බලපත්‍ර නැතිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site