(සුදත් එච්. එම්. හේවා)
උපන් විගස බිලිඳකු කාසල්රි ජලාශයකට දමා මරාදැමීම පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගන්නා ලද මවක සැප්තැම්බර් 3 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජේ. ට්‍රෝස්කි මහතා අද(21) නියෝග කළේය.
පසු ගිය 17වන දින කාසල්රි ජලාශයේ පාවෙමින් තිබූ බිලිදු මළ සිරුර පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හැටන් පොලිසිය සැක පිට දික්ඔය වනරාජ වතුයායේ දෙදරු මවක වන, අවුරුදු 35ක් වයැසැති ගනේෂන් මනිලාදේවි යන අය අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම කාන්තාව තමන්ට උපන් බිලිඳා කාසල්රි ජලාශයේ, තම නිවස ඉදිරිපිටින් ජලය ගලා යන දික්ඔය ඇළ මාර්ගයට දැමූ බවද පිළිගෙන ඇත.
අත් අඩංගුවට ගන්නා ලද එම සැකකාරිය හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබිණි.
හැටන් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd