(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
කොළඹ - බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ රත්මලවින්න ප්‍රදේශයේ වෙළඳසල් තුනක් අද (22)ගිනි ගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
ගින්න හේතුවෙන් රත්මලවින්න ප්‍රදේශයේ දුරකතන රැහැන් පද්ධතියද සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවදපොලිසිය කියයි.
මේ හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයට, සමනල වැව පොලිසියට ඇතුළු ප්‍රදේශ රැසක දුරකතන සම්බන්ධතා අවහිර වී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, වෙළඳසැල් තුන සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ.
බලන්ගොඩ සහ පින්නවල පොලිස් ස්ථාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.