සම්පත් ප්‍රියනන්දන
බලන්ගොඩ නගරයේ සති පොළෙහි එළවළු වෙළෙදසල්වල අලෙවි කරන උඩ රට සහ පහත රට එළවළු වර්ග වල මිල ගණන් වර්ෂයකට පසු මේ දිනවල දෙගුණයකින් පමණ පහත බැස ඇතැයි නගරයේ එළවළු වෙළෙන්දෝ පවසති.
ඉකුත් දිනවල රුපියල් අසූවකට පැවැති තක්කාලි කිලෝවක මිල රුපියල් 20 දක්වාත්, බෝංචි කිලෝවක මිල රුපියල් 200 සිට රුපියල් 80 දක්වාත්, ගෝවා කිලෝවක් 180 සිට රුපියල් 80 දක්වාත් අඩු වී ඇති බව නගරයේ සතිපොළ වෙළෙන්දෝ කියති.
මේ අතර මාළුමිරිස් කිලෝවක් 200 සිට 120 දක්වාත් ,ලික්ස් කිලෝවක් 200 සිට 80 දක්වාත් කැරටි කිලොවක් 320 සිට 260 දක්වාත් අමු මිරිස් කිලෝවක් 200 සිට 100 දක්වාත් කැරට් කිලෝවක් රුපියල් 240 සිට 120 දක්වාත් අඩු වී ඇති බව ඔවුහු පවසති.
මේ දිනවල බලංගොඩ ප්‍රදේශයට එළවළු තොග ලැබෙන හපුතලේ ,බණඩාරවෙල ,වැලිමඩ , ප්‍රදේශවල එළවළු පළදාව සාර්ථක වී ඇති බැවින් බලන්ගොඩ එළවළු වෙළෙඳසල් වලට හොඳින් එළවළු තොග ලැබිම මිල මේ ආකාරයෙන් අඩුවීමට හේතුව බව බලංගොඩ නගරයේ වෙළෙන්දෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
212
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලංගොඩ සතිපොළේ එළවළු මිල පහළට