(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිරුරේ දරුණු කැපුම් තුවාල රැසක් සහිතව බොල්ගොඩ ගගේ රඹුක්කන ඇල මාර්ගයේ පාවෙමින් තිබු පුද්ගලයෙකුගේ මළ සිරුරක හමු වු බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඝාතනයට ලක් ව ඇත්තේ පන්නිපිටිය දෙපානම වීර මාවත පදිංචිව සිටි මනෝජ් ප්‍රසන්න නැමැති (51) විවාහක පුද්ගලයෙකි.
බොල්ගොඩ ගඟට ජලය ගලායන රඹුක්කන මහ ඇලෙහි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ආසන්නයේ පුරන් කුඹුරු වෙල්යායේ ගවයින් බැදිමට පුද්ගලයෙකු පොලිසියට ලබා දුන් තොරතුරක් අනුව සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
සිරුර සොයා ගන්නා විට දැඩි ලෙස ඉදිමි දුගද හමමින් තිබු බවත් දකුණු අතෙහි කොටසක් හා පාදයක ඇගිලි නොතිබු බව ද පොලිස් නිළධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd