(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
බෝර 12 ගිනි අවියක් සහ උන්ඩ 04 ක් තම සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙක් බෝගහගොඩ බැද්දෙගෙදරදී අත් අඩංගුවට ගත් බව අක්මීමණ විශේෂ බලකා කඳවුර කියයි.
අවුරුදු 32 – 34 යන වයස් කාන්ඩ වල සැකකරුවන්ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී හෙලිවී ඇත්තේ මෙම ගිනි අවිය භාවිතා කරමින් වන සතුන් දඩයම් කර ඇති බවයි.
සැකකරුවන් දෙදෙනා සමගින් අත් අඩංගුවට පත් ගිනි අවිය සහ උන්ඩ හතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඉමදුව පොලීසියට භාරදි තිබේ.
ගිනි අවිය උන්ඩ හතර සහ සැකකරුවන් අද (07) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ බව ඉමදුව පොලීසිය කියයි

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.