(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව ගල්ලෑල්ල ප‍්‍රදේශයේ බලපත‍්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස බෝර 12 වර්ගයේ පතුරොම් තුවක්කුවක් සහ එයට යොදන පතුරොම් දෙකක් ළඟ තබාගෙන සිටි බවට සැකපිට පුද්ගලයෙකු අද (24) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
සැකකරු පොළොන්නරුව ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළිවී තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් මත කළ වැටලීමකදී ගිනි අවිය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd