IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බ්‍රසීල යුවළකගේ මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

(එස් .ඩි. කොඩිකාර)

බ්‍රසීල යුවළකගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා  ඇපල් වර්ගයේ  ජංගම දුරකථන දෙකක්  ඩොලර් 55 ක්, ලංකා මුදලින්  රුපියල් 9000 ක් සහ  ඔවුන්ගේ ජාතික  හැදුනුම්පත් දෙක ඇතුළු ලියකියවිලි දමා තිබූ  ඇඳුම් බෑගය  මාතර  පොල්හේන වෙරළ තීරයේදී  සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අද  (07)  මිරිස්ස සංචාරක පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර, හුනුකොටුව ප්‍රදේශයේ සහ හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 - 24 අතර  පුද්ගලයන් දෙදෙනෙකු බව පොලීසිය කියයි.
 
සංචාරක යුවළ ඉකුත් අප්‍රේල් මස (20) වන දින  සති දෙකක සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර  ඉකුත් (05) වන දින  මාතර, පොල්හේන වෙරළ තීරයේ දිය නාමින්  විනෝද වන  අතරතුර  සැකකරුවන් විසින් වෙරළ තීරයේ  බෑගයක දමා තිබූ  මුදල් ඇතුළු මෙම  භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇති බවට සංචාරක යුවල විසින් සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.
 
පසුව පොලිස් නිලධාරීන් අවට සංචාරක හෝටල් සහ නිවෙස්වල  සී. සී. ටීවී දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනා ගැනීමෙන් අනතුරුව මාතර ප්‍රදේශයේදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. 
 
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී ඩොලර් 05 ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙක, විදේශීය යුවළගේ ජාතික හැඳුනුම්පත් දෙක ඇතුළු අනෙකුත් භාණ්ඩ සොයාගෙන තිබූ අතර  ලංකා මුදලින් රුපියල් 9000 ක් සහ ඩොලර් 50 ක්  සැකකරුවන් විසින්  වියදම් කර තිබූ බව පොලිසියට පාපොච්චාරණය කර ඇත.
 
 සිද්ධිය සම්බන්ධයෙන් මිරිස් සංචාරක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බ්‍රසීල යුවළකගේ මුදල් ඇතුළු භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site