(තුසිත කුමාර ද සිල්වා)
 
බේරුවල නගරයේ කසළ ගොඩක් අසළ බෑගයක තිබී බෝර -12 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 5 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සොයාගත් බව බේරුවල පොලිසිය කියයි. 
 
පොලිසිය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් එක්ව බේරුවල නගර සීමාවේ වෙළඳසැල් හා අවට කළ සෝදිසියකදී මෙම ජීව පතුරොම් සොයාගෙන ඇත.
 
මෙහිදී සැකපිට වෙළඳසැල් දෙකෙහි හිමිකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
 
බේරුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.