(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ නිවාස පේළියකට ඉහළින් පිහිටි විශාල ගලක් අධික වර්ෂාවත් සමග ඊයේ (09) රාත්‍රීයේ නිවසක් මතට කඩා වැටී ඇත.
එම නිවසේ මුළුතැන්ගෙයට බරපතල හානි සිදුව ඇති අතර එම අවස්ථාවේ නිවැසියන් සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නොමැත.
මෙම නිවාසවලට ඉහළින් තවත් විශාල ගල් පර්වතයක් කඩා වැටීමේ අවදානමක් ඇති හෙයින් එම නිවාසවල සිටින 36 දෙනකු බ්‍රවුන්ලෝ තේ වතුයායේ සංස්කෘතික මධ්‍යස්ථානය වෙත තාවකාලිකව යැවූ බව වතු පාලනාධිකාරිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd