(දයාරත්න ඇඹෝගම)
දියණිය සමඟ දියනාමින් සිටියදී පිහියකින් ඇන බිරිය ඝාතනය කළ සැමියා අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ගොනපතිරාව,ගොවිපල පාරේ පදිංචිව සිටි ආර්.එම්.මල්ලිකා ජයවති(40)නැමති විවාහක කාන්තාවකි.
මියගිය කාන්තාව ඇයගේ දියණිය සමඟ ජයගග,මයිලගහ නාන තොටුපලේ දිය නාමින් සිටියදි එම ස්ථානයට පැමිණි ඇයගේ සැමියා විසින් ඇයට පිහියකින් ඇන බරපතල තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
පසුව ඇය සේනපුර රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව මිය ගොස් තිබුණි. මියගිය කාන්තාවත් ඇයගේ සැමියා අතරත් දීර්ඝ කාලයක් තිස්සේ පැවති පවුල් ආරාවුලක් දුර දිග යාමෙන් පසුව මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි.
බිරිද ඝාතනය කිරීමේ චෝදනාව මත 54 හැවිරිදි ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (07)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd