(දයාරත්න ඇඹෝගම
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් බිරිඳ විසින් පොරවකින් පහර දී සිය සැමියා අද(29) ඝාතනය කර ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ පරසන්ගස්වැව බෝධි මාවතේ පදිංචිව සිටි ඒකනායක මුදියන්සේලාගේ රංජන සිරිසේන නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
අඹුසැමියන් අතර ඇතිවූ බහින්බස්වීමක් මීට හේතුවී ඇතැයි පොලිසිය කියයි.
පහර ලද පුද්ගලයා බරපතල තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 35 හැවිරිදි කාන්තාව පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය හෙට(29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd