(රෝවන් පෙරේරා)
අනවසරයෙන් බුරුත දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ ඔත්තු බැලීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් අද (19) රාත්‍රී අත් අඩංගුවට ගැනීමට මඩුපාර අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන්ට හැකිවී ඇත.
නීති විරෝධී ලෙස දැව ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර දැව ප්‍රවාහනය කළ ලොරි රථය දමා සැකකරුවන් පලාගිය බව මඩුපාර අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් කියයි.
දැව තොගයේ වටිනාකම තක්සේරු කර නොමැති අතර නීති විරෝධී ලෙස දැව ප්‍රවාහනය කළ පුද්ගලයා හඳුනා ගෙන මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අඩම්පන් පොලිසියේ සහය ඇතුව සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් මන්නාරම් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැව තොගයේ වටිනාකම තක්සේරුවන්නේ තුනෙන් එකකටයි.....ඉතිරි ඒවා අතුරුදහන් වේ ....ක්‍රමවේදය සුත්තර පුන්චගේය