( නිශාන්ත කුමාර)
බඹරුන්ගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (19) සවස මීගහකිවුල රෝහලට ඇතුළු කර ඇත. රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කලුගහකදුර ගම්මානයේ 55 හැවිරිදි පුද්ගලයෙකි.
කුඹුරේ වැඩ කරමින් සිටියදී ඒ අසල වූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදිමෙන් ඇවිස්සුනු බඹර රංචුව ඔහුට පන්න පන්නා පහර දී ඇති අත ර ඒ අවට සිටි පිරිස් එක්ව ඔහුව වහාම රෝහල් ගත කර ඇත.
තමා වට කර ගත් බඹරුන් 50 ක් පමණ පහර දුන් බව හෙතෙම පැවැසීය.
ඔහුගේ සිරුරේ තිබී බඹර විෂ සහිත විත් කොටස් රැසක් ඉවත් කළ බවද ගම්මු පැවැසූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.