(මහේෂ් කිර්තිරත්න)
රත්තොට බඹරකිරිඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙක් අද (21) දියේ ගිලි මියගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ ඇල්වල පදිංචි ෂෙහාන් සංදිප විජේරත්න නැමැති 18 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා යහළුවන් පිරිසක් සමඟ ඇල්ල නැරඹීමට පැමිණ ඇති බවත් මෙම පිරිස සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
මියගිය තරුණයාගේ මෘත ශරීරය මාතලේ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd