(ප්‍රසන්න පත්මසිරි)
මත්පැන් පානය කර බදුල්ල - කොළඹ මගී බස් රථයක් ධාවනය කළ බව කියන රියදුරෙකු අද (20) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙළ පොලිසිය කියයි.
මත්පැන් පානය කර අධික වේගයෙන් බසය ධාවනය කළ බව කියන රියදුරා බණ්ඩාරවෙළ නගරයේදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී බසයේ මගීන් පනස්දෙනෙකු පමණ සිටි බව පොලීසිය කීය.
අත් අඩංගුවට ගත් රියදුරා , රිය සහයකයා හා බසය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd