( සිරිනිහාල් ගමගේ )
නාගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයකු නාගොඩ පොලිස් ස්ථානයට බිමත්ව ගොස් අශෝභන ලෙස හැසිරුණ බවට චෝදනා ගොනු කරමින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 02 ) ඉදිරිපත් කිරීමෙන් පසු 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී බි,හිරිමුතුගොඩ නමැති අයෙකි.
පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවකු බැලීම සදහා පැමිණි මෙම පුද්ගලයා බිමත්ව අශෝභන ලෙස පොලිසිය තුළ හැසිරුණ බවට සැකකරු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණය කරුණු වාර්තා කළේය.
මෙම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත් වරයා අදාළ නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදකින් මේ වගේ අයව ගමේ මරණාධාර සමිතියකටවත් පත්කර නොගන්නා ලෙස හැර වෙන නම් කිසිවක් නොති බවය.