IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බීමතින් රිය පැදවූවාට අසූදහසක දඩයක්

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
 
රක්ෂණ  සහතිකයක්, රියැදුරු  බල පත්‍රයක්  සහ ආදායම් බලපත්‍රයක් නොමැතිව බීමතින්  ත්‍රිරෝද රථයක් පැද වූ  රියදුරකුට රුපියල්  80,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17)  නියෝග කළේය.

බලන්ගොඩ ඉඹුලපේ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි  ඩී. පී. තුසිත සම්පත්  නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් අලුත්නුවර ප්‍රදේශයේ  රථවාහන පරීක්ෂා කිරීමේදී  රාජකාරියේ  නිරත වූ නිලධාරීන් කණ්ඩායමක් මෙම ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස දඩ නියම විය.

රක්ෂණ සහතිකයක් නොමැති වීමට රැපියල්  25,000 ක්, රියැදුරු බලපත්‍රයක් නොමැතිව ත්‍රිරෝද රථය පැදවීමට රුපියල් 2,5000 ක්, ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය ධාවනයට රුපියල් 5,000 ක්  සහ  බීමතින් රිය පැදවීමට රුපියල් 25,000 ක ලෙස මෙම දඩය නියම විය.

 



අදහස් (0)

බීමතින් රිය පැදවූවාට අසූදහසක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site