(නිශාන්ත කුමාර)
බීමත්ව තම දෙමව්පියන්ට පහර දුන් බව කියන පුද්ගලයකු ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් (බදුල්ල මහේස්ත්‍රාත්) චමින්ද කරුණාදාස මහතා අද(17) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු ඊයේ(16) අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි. දිනපතාම බීමත්ව පැමිණෙන මෙම පුද්ගලයා දෙමව්පියන්ට පහර දී ඇති අතර පියාගේ අතක් කපා තුවාල කර තිබිණි.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන්ගේ වටිනාකම නොදත් මොහුට උපරිම දඩුවම් ලැබේවා !! මොහුට අනාගතයේදී තමන්ගේ දරුවන්ගෙන්ද මෙලෙසම පහරකෑමට සිදු වෙනු නියතය..